Wednesday, October 31, 2012

Sithuwili-31




සුන්දර ළමාවිය සෑම පුද්ගලයෙකුගේම සොදුරැ මතක සටහනක් බව අමුතුවෙන් කියන්න දෙයක්  නෑ. ළමාවිය කෙතරම් සුන්දරද...? 

පොත්ටික තුරැළු කරන් සුදු පරෙවි රෑන සේ පාසල වෙත පියනගන අපූරැව, යහළු යෙහෙළියන් සමග ගත කරන කාලය, ඒ වගේම Teacher නැති වෙලාවට පංතියම දෙවනත් වෙන්න කෑ ගහල Principal  sir ගෙන් වේවැල් පාර කන කොට අඩපු හැටි, හුණු පිරැණු Duster එක යාළුවො එක්ක Pass කරන කොට, එක බත් එක යාළුවො Set එකත් එක්ක කන හැටි, Period එක අවසන් වුණු ගමන් Teacherව යවාගන්න කෑ ගහන හැටි.....   මතක් වෙන කොටත් හරි ආසයි...

මම දන්නව, 
මේ ටික කියවන කොට ඔයාලට ඒ අතීත පාසල් කාලය 
මතක් වුණා නේද...?

සමනල රෑනක් සේ ඉගිලී 
අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවානම් 
අපෙ දිවියට ආසයි 
ඒ ලස්සන කාලේ....

Sithuwili-30


සිත් අහසයි, නිල් අහසයි අතර සමීප සබදතාවක් තියෙනව. නිල් අහසෙ හිරැ, සදු තාරකා යනාදි බොහෝ ආකාශ වස්තු තිබෙනව. ඒ වගේම සිත් අහස ගත්තම, ඒකෙත් තිබෙනව බලාපොරොත්තු, සිහින, සතුට, දුක යනාදී බොහෝ දේවල්. 

සිත් අහසේ සරා සද නුඹයි...

Monday, October 29, 2012

Sithuwili-27


තනියම තමයි රජ වෙන්න පුළුවන් ඔබ ඒකට එකග වෙයිද දන්නෙ නෑ නමුත් ඇත්ත ඒක තමයි නමුත් අපේ හිතවතුන් අපි සමග ඉන්න විට එහි ශක්තිමත් බව වැඩියි 

ඉතින් ඔබත් ඔබේ ලෝකය ජය ගන්න සූදානම්ද...?

පැරදීලා පලා ගියේ නෑ...

Sithuwili-26


අනන්තයට සිත දිව සිවෙන ඊයෙ මධ්‍යම රාත්‍රියේ මම මේ සිතුවිල්ලට කවි පද බැන්ද. මෙකෙ තියෙන වචන නම් ටිකක් සංකීර්ණයි. :)

ඉතින් සැමදාම ආදරෙන් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් වේදනාවන් පෙනෙන දුරින් හිටියත්, නොපෙනෙන දුරින් හිටියත්, ආදරේට සැමදාම ආදරෙයි මං...

මාගේ ජීවිතයට පැමිණී ලස්සන සිහිනෙකි ඔයා...

Sunday, October 28, 2012

Sithuwili-25


ආදරයට ආදරය කරන්න. එවිට ඔබට ආදරය කරන කෙනෙකු ලැබේවි...

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙ පුරා...

Sithuwili-24


සදසාවිය හිරැට පෙම් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ දෙන්න අතර තියෙන්නෙ වෙනස් කළ නොහැකි සබදතාවයක්. ඒ වගේම මෙම කුමාරිකාව ඔබට පෙම් කරනව. මෙහි ඔබ කියල ඇමතුවෙ මේ කුමාරිකාව පෙම් කරන කුමාරයා. ඒ කුමාරිකාව හඩමින් ඉන්නෙ හදවතින් පරාද වුණු නිසා...

ඔබ දන්නවාද දන්නෑ මං ඔබට ආදරේ කළා කියා...

Saturday, October 27, 2012

Sithuwili-23


ආදරය කරල වෙන් වුනාම හිතට හරි දුකයි. වැරැද්ද කාගෙ අතේ වුණත්, එයින් ගොඩක්ම වේදනා විදින්නෙ තනි වුණු කෙනා.

ආදරයයි කදුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ...

Sithuwili-22



මිත්‍රත්වය එසේත් නැත්නම් "Friendship" එකත් එක්ක අපේ ජීවිතය ගොඩක් බැදිල තියෙනව. අම්ම තාත්ත සහෝදර සහෝදරියො නෑදෑයෝ හැරැනම අපි වැඩි වෙලාවක් ඉන්නෙ යාළුවො එක්ක. යාළුවො කියන අය අඩුම ගානේ 1ක් කෙනෙක් හරි ඉන්නව හතුරැ වෙසින් එන මිතුරොත් ඉන්නව මම නෑ කියන්නෙ නෑ. 
මේ ලෝකෙ ඕනම දේකක දෙපැත්තක් තියෙනව ඒ තමයි හොද හා නරක. ඉතින් හොද යාළුවො මෙන්ම නරක යාළුවොත් ඉන්නව.
සැබෑ යාළුව කියන්නෙ තම යාළුවගෙ දුකේදි සැපේදි ළගින්ම ඉන්න කෙනාට...

ඔබට හොද යාළුවෙක් ලැබීමට නම් පළමුව ඔබ හොද යාළුවෙක් වන්න... 
*
*
*
සයුරේ රැළි සේ අහසේ තරැ සේ මිතුදම් පවතී ලොව සැමදා...

Friday, October 26, 2012

Sithuwili-21


හීන පුරෝගෙන හීන ලෝකවල සැරිසැරැවට, සැබෑ ජීවිතය අපි සිතන තරම් සුන්දර නෑ. ගෙවුණු අතීතයෙත් නොව අස්ථිර අනාගතයෙත් නොව, යථාර්ථයක් වූ වර්තමානයේ ජීවත් වන්න... 

අතීතය තමයි වර්තමානය වෙන්නෙ වර්තමානය තමයි අනාගතය වෙන්නෙ කියල ඔබ තර්ක කරන්න පුළුවන්. නමුත් අතීතයේ සිදුවුණු දේවල් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ. ඒ වගේම ඉදිරියට පැමිණෙන්න තිබෙන අනාගතය ගැන හීන මව මවා සිටියාට කිසිදු ඵලක් නෑ නේද..?යථාර්ථය වන්නෙ වර්තමානයයි.

නැවත ගන්න බැරි දේවල් 03ක්
                   (01)කියපු වචනයක්
                   (02). විසිකරපු ගලක්
                   (03). ගෙවී ගිය කාලය

මේ වෙලාවෙ මට මතක් වුණේ මේ 03 න විතරයි. ඔබට තවත් දෑ මතක් වුණානම් සදහන් කරන්න.
Thank you... :)

අතීතය සිහිනයක් පමණයි...


Sithuwili-20



බොහෝ වෙලාවට ආදරයෙදි ගැහැණු ළමයා ටිකක් ආඩම්බරයි. ගැහැණු ළමයිට ආඩම්බරකම ටිකක් හරි තියෙන්න ඕනෙ කියල මම විශ්වාස කරනව. ඒ නිසයි ආඩම්බර සදවතිය කියල ලිවුවෙ. පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක්ට කියන සිතුවිල්ලක් විදියට තමයි මේ සිතුවිල්ල නිර්මාණය කළේ.  :) 

ආඩම්බරයි බැලුවම නම්...

Thursday, October 25, 2012

Sithuwili-19



ආලය ආදරය යන වචන 02කෙහිම තේරැම එකක් වෙයි. ආලය කරාට පමණක් සෑහීමට පත් වන්නට නොහැකිය. මන්දයත්, ඒ ආලය එම පුද්ගලයාට දැනිය යුතුය. එවිට එම ආලය සාර්ථක වේ. 
ආලය යනු රාගය නොවේ. අද කාලයේ නම් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහාගෙන තිබේ. එය නම් දුකට කාරණයක්.

ඔබට ආදරය ලැබීමට නම් පළමුව, ඔබ ඔවුනට  ආදරය කරන්න එවිට, ඔවුනුත් ඔබට ආදරය කරාවි...

Sithuwili-18



අපි කැමති ආකාරයට ජීවත් වෙන්න ඇත්නම් කෙතරම් සතුටක්ද..? නමුත් ජීවිතේ අපි කැමති සියල්ලම ලැබෙන්නෙ නෑ. එයයි ජීවිතේ කියන්නෙ. අකමැති දේවල් තමයි බොහෝ විට ලැබෙන්නෙ. එය අපේ වැරැද්දක් නෙමෙයි. ජීවිතේ පාඩම තමයි ඒ. 

අපේ ජීවිතෙත් "Undo" කියන Button එක තිබුණනම් අතීතයේ සිදුවුණු වැරදි අඩුපාඩු හදාගන්න තිබුණ. නමුත් සැබෑ ජීවිතේ එතරම්ම සුන්දර නැහැ. ජීවිතය කියන්නෙ රෝස මල් යහනාවක් නෙමෙයි. එය කටු කොහොලින් පිරැණු යහනාවක්.

සදාකාලිකව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ජීවත් වෙන කාලය තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම්, මේ ලෝකයේ වාසනාවන්තම පුද්ගලය එයා තමයි...

මෙහි මුල් පද 02 ක සිතට නැගුණා ඒකට අනුව ඉතිරි පද පේළි 02ක ඇමිණුව...
සිනහ නැගේ කදුල නැගේ එයයි ජීවිතේ...

Wednesday, October 24, 2012

Sithuwili-17


සිතින් මැරි මැරි ඉන්නවට වඩා එකපාරටම හුස්මටික යනවනම් කෙතරම් නම් සැපක්ද...?  නමුත් ජීවිතයේ ලැබෙන දේවල් අපි භාරගත යුතුයි. අපේ දෛවය වෙනස් කරන්න අපිට බැහැ. නමුත් උත්සාහ අරගෙන සිත සතුටින් තියන්න අපිට පුළුවන්. මම එහෙම කිව්වෙ ඇයි දන්නවද..? සිත සතුටින් තියන්න පුළුවන් නම් ඒක තමයි අපි අපේ ජීවිතය වෙනුවෙන් කරන ලොකුම උදව්ව. සිත සතුටින් තියන එක ගොඩක්ම අපහසුයි. නමුත් ඒ අභියෝගය ජය ගන්න පුළුවන් නම් එයයි ජයග්‍රහණය වන්නෙ.

හිනාවෙලා ඉන්නව වගේ පෙන්නල ජීවත් වෙන අය කොතරම් ඉන්නවද  ...? එයාල පිටට පේන්න හිනා ‍වෙලා හිත ඇතුළෙන් අඩනව.  එය සැබෑ ජයග්‍රහණය නෙමෙයි. ඔබට පුළුවන්ද මේ අභියෝගය ජය ගන්න..?  එසේ නම් මේ මොහොතේ පටන් එය ආරම්භ කරන්න.
 Good Luck..!!!

සැමදාම හඩන සිත හදන්න ඔබ ළග නෑනේ...

Sithuwili-16


මම මෙය ලිව්වෙම කවි වෙනුවෙන්. කවීගෙ ඇත්ත නම කවිශ්ක. අපි ආදරේට කියන්නෙ කවී කියල. එයා සුරතල් බලු පැටවෙක්. පැටවෙක් කිව්වට පැටවෙක්ම නෙමෙයි.
 මට වෙලාවකට හිතෙනව සතෙකුයි මිනිසෙකුයි අතර තියෙන වෙනස, ඒ සතාට අපිට වගේ කථා කරන්න බැරි එක විතරයි කියල. ඒ වුනත් එයාල අමුතු භාෂාවකින් කථා කරනව. අපිට ඒක තේරැම් ගන්නට අපහසුයි බොහෝ දුරට මිනිසුන් ළග නැති උතුම් ගුණ සතුන් තුළ පවතිනව. 

Sithuwili-15


හිතකට ඕනෙ තරම් හීන පුරවන්න පුළුවන්. ඒක ඔබත් මමත් දන්නා කරැණක්. නමුත්, හීන පුරවන්න පුරවන්න සිත අනන්තයට නික්ම යනව. එතකොට බලාපොරොත්තු මහා කන්දක් ගොඩ ගැහෙනව. සාමාන්‍ය මිනිසෙකුට එතරම් බලාපොරොත්තු රාශියක් ඇතිවෙලා, නමුත් එම බලාපොරොත්තුවලින් ගොඩක්ම ඒව ඉටු කරගන්න බැරි වෙලා, එහෙම නැත්නම් ඒ හීන ඉටුකරන්න බැරි වෙලා, එහෙම වුනාම සාමාන්‍ය මිනිසෙක් විදියට හිතින් වැටෙනව. 

ඔබ තර්ක කරාවි ඉටු කරගන්න පුළුවන් හීනත් තියෙනව නේද කියල. මම ඒක දන්නව මම මෙතනදි සදහන් කළේ ඕනවට වඩා හීන රැස්කර ගැනීමක් ගැන.

"The Best And Most Beautiful Thing In The World  Cannot Be Seen or Even Touched They Must Be Felt With The HEART"

Tuesday, October 23, 2012

Sithuwili-14


හමුවීමක් තියෙන සෑම විටම වෙන්වීමකුත් අනිවාර්යයි. කන්දක් නැග්ගොත් පල්ලමක් බැසීමකුත් තියෙනව වගේ ඉපදීමක් තිබෙනව නම් මරණයකුත් තියෙනව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි අපි අපේ ජීවිත හැඩගස්සවා ගන්නේ නම් ඉතා අගනේය. නොලැබුණු දෙයට හඩා නොවැටී ලද දෙයින් සතුටු වන මිනිසුන් ඉතා අගය කළ යුතුයි. 

මගේ හිතට එන සිතුවිලි මේ ආකාරයට මම ඉදිරිපත් කරනවග මේවායේ අඩුපාඩු තිබේනම් ඒව ඉදිරිපත් කරන්න යාළුවනේ. මොකද, යෝජනා චෝදනා එන තරමට තමයි ශක්තිමත් බව වැඩිවෙන්නෙ....
ඔබට ස්තූතියි...!!!

එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ...

Monday, October 22, 2012

Sithuwili-13


ඉපදෙන්නෙත් තනියම, මැරෙන්නෙත් තනියම. නමුත් ජීවත්වන ටික කාලයේ හෝ සතුටින් ජීවත් වන්නට තිබේ නම් කෙතරම් පිනක් තිබෙන්නට ඕනෙද..? 
ජීවිතයට ඇයි මෙතරම්ම තනිකම...?

Sithuwili-12


අපි ආදරය කළ යුත්තේ අපි ආදරය කරන කෙනෙකුටද...?  අපිට ආදරය කරන කෙනෙකුටද...? කෙසේ නමුත් ආදරය කියන්නෙ, බලෙන් ලබා ගත නොහැකි වූත් බලෙන් කරන්නට නොහැකි වූත් දෙයකි. ඕනෑම කෙනෙකුට තවත් ඕනෑම කෙනෙක් හට ආදරය කරන්නට පුළුවන්. තහනමක් නැහැ. අනික ආදරය කළ කෙනා ලැබිය යුතුමයි කියා නියමයක් නෑ. අපිට ඕනෑම කෙනෙකුට ජීවිත කාලෙ පුරාවටම වුවත් ආදරය කළ හැකියි. එය ඉතා සාර්ථක වන්නේ එම දෙදෙනාම එකිනෙකට ආදරය කරනව නම්ය.

විටෙක ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. ආදරයට අර්ථකථන නම් ගොඩක් තියෙනව.

මම දැක්ක මේ ළගදි දවසක අකුරැ ටිකක් පටලල තිබුණු වාක්‍යයක් 
"පුද්ගලයෙකු කවිකාරයෙක් වන්නේ එම පුද්ගලයා හුදෙකලා වූ විටය නැතිනම් ආදරවන්තයෙක් වූ විටය"
ආදරෙයි අහස තරම්...

Sunday, October 21, 2012

Sithuwili-11



අද දවසේ මම ඉදිරිපත් කරන දෙවන නිර්මාණය තමයි මේ. ඉදිරියටත් මේ තත්වය මේ ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරනව.

වර්තමානයේ ජීවත් වුවද සිතින් අපිට අතීතයට යා හැකිය. ඉතින් ඒ වගේම අනාගතය ගැන සිහින මැවීමටද පුළුවන්. සිත කියන්නෙ මහා පුදුමාකාර දෙයක්....  ඒ ගැන හිතාගන්නවත් බැහැ.

මෙම සිතුවිල්ල ඉබේම සිතට ගලා ගෙන ආවා. එයටම ගැලපෙන ආකාරයට පින්තූරය සංස්කරණය කළා. :)
මතකයන් අමතක කෙරැවට අමතක වෙන්නෙම නෑ...

Sithuwili-10



මෙම සිතුවිල්ලෙ නම් එතරම් අර්ථ රසයක් ශබ්ද රසයක් නම් නැහැ කියල හිතෙනව. නමුත් මට හිතුන මේ සිතුවිල්ලත් එකතු කරන්න. නිර්මාණය කරන සෑම නිර්මාණයක්ම එකවගේ ලස්සන නෑ. හරියට ජීවිතේ වගේ,  :) 
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ.... 

Saturday, October 20, 2012

Sithuwili-09


    ආදරය ජීවිතයේ සොදුරැ අත්දැකීම් වලින් එකක්. ඉපදෙන්නත් කළින්ම සිට සහ ඉපදුනු දා පටන්ම සිට ආදරය අපිට ලැබෙනව. අම්ම, තාත්තගේ සිට සහෝදර, සහෝදරියන්, නෑදෑ හිතමිත්‍රයන්, අසල්වාසීන් ඇතුළු සියල්ලන්ගෙන් වාගේම ආදරය දයාව කරැණාව නිතැතින්ම ලැබෙනව.

     මම මේ කියන්නට යන්නෙ ඊට වෙනස් වූ දෙයක්.  මගේ නිර්මාණ වල බොහෝ වෙලාවට අන්තර්ගත වෙන්නෙ ආදරය, විරහව, දුක, සතුට,...  කැටි වූ තරැණ සිත්හි උපදින ආදර හැගීම්. අපි හීන දකිනව, ගොඩක් වෙලාවම අපි කැමතියි හීන එක්කම ජීවත් වෙන්න. නමුත් හීන වලම ජීවත් වෙන්න බෑ. අපි ඔක්කොම ඒබව දන්නව.

    ජීවිතය කියන්නෙ හීනයක් නෙමෙයි. එය හැබෑකර ගත යුතු දෙයක්. ජීවත්වෙන්න ජීවිතයට බලාපොරොත්තුවක් එහෙම නැතිනම් බලාපොරොත්තු තමයි අවශ්‍ය වෙන්නෙ. මම දන්නෑ ඔබ මෙයට එකග වේද නැද්ද කියල. නමුත් එය තමයි යථාර්තය. බලාපොරොත්තු බිද වැටෙන්න පුළුවන් මම නෑ කියන්නෙ නෑ. තමන්ට තිබෙන හීනය අනුව ඇතිවෙන බලාපොරොත්තු එකිනෙක වෙනස්. මොනව වුනත් අපි හැමවෙලේම අපේ බලාපොරොත්තුව හෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමට උනන්දු විය යුතුයි. නමුත් වෙලාවකට මට හිතෙනව හීන සහ බලාපොරොත්තු අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවද කියලත්......
(බලාපොරොත්තුවේ ආරම්භය හීනයක් වන්නටද පුළුවන)

    මම අන්තර්ගතය ලියන්නෙ ලියන භාෂාවෙන් නෙමෙයි, කියවන භාෂාවෙන්. ඒකට හේතුව තමයි මෙය කියවූ ගමන්ම කෙනෙකුගෙ හිත ඇතුළට යනව. එවිට ඉක්මනින් තේරැම් ගන්න පුළුවන්.

     මම කරපු නිර්මාණ අතරින්, මෙම නිර්මාණයත් අයත් වෙන්නෙ බොහෝ වෙලාවක් කාලය වැය කළ නිර්මාණයක් විදියට. මම ගොඩක් වෙලාවට කල්පනාකාරී වෙනව, මම කරන නිර්මාණ වල ශබ්ද රසය සහ අර්ථ රසය ආරක්ෂා කිරීමට..... :)

Friday, October 19, 2012

Sithuwili-08


මම ගොඩක් වෙලාවට කැමතියි හුදෙකලාවෙ ඉන්න. ඒ වෙලාවට, සින්දුවක් අහගෙන ඉන්න හරි ආසයි. ඉතින් මෙන්න මේ නිර්මාණය බිහි වුනෙත් ඒ වගේ අවස්ථාවක :)
කොටින්ම කිව්වොත් එදා මොක්ක්දෝ හේතුවක් නිසා ටිකක් දුකින්.

"හුදෙකලා ලොවක ලියනා
මවයි ඔබ ගැන චේතනා
ඹබ ළංවී ඈත් වූ කළ
හද රිදුම් දේ වේදනා..."

ලියවුණේ මෙම පද 04, මම එය සිතුවිලි 07න් ඉදිරිපත් කරා.

මගේ අතින් වැරැද්දක් වුනාදෝ කියල මගේ හිත කිව්වා. ඒ නිසා ඒ වෙලාවේ මම  මේ පද 04 ආයේ ලිව්වා. එක අකුරක් වෙනස් කරල,


"හුදෙකලා ලොවක ලියනා
මවයි ඔබ ගැන චේතනා
ඹබට ළංවී ඈත් වූ කළ
හද රිදුම් දේ වේදනා..."




මෙම නිර්මාණ 02ක 02ක්ද 01ක්ද ..?ඹබ තීරණය කරන්නේ මොකක්ද..?
*
   *
        *
             *
                *     **********
             *
        *
    *
*
      *
ඇත්තෙන්ම මේ නිර්මාණ 02ක්,
ඹබට වැරදුනාද? එසේ නම් නැවත වතාවක් කියවල ඒ 02හි අදහස තේරැම් ගන්න....

Thursday, October 18, 2012

Sithuwili-07


නෙක නෙක පාටින් පිපී දිලෙන වර්ණවත් වූ පුෂ්පයෝ ලතාවට නැළවෙමින් ගී කියති. හමන මදනල පවසාවි ස්වභාදහමේ චමත්කාරය... කැලෑවේ පිපෙන වන මල් ඉතා චමත්කාරයෝ වෙති. 
එන්න ඔබත් සිසිල විදගන්න සිත් මල් යායේ පිපී දිග හැරෙනා සිතුවිලි සමග....

Wednesday, October 17, 2012

Sithuwili-07


හුදෙකලා ලොවක ඉන්නට ඇත්නම් කෙතරම් නම් සොදුරැද..? එය වචනයකින් කියා නිම කරන්නට බැහැ. හදට ළංවී සිටි කෙනෙකු දුරස් වුවහොත් හදවත කෙතරම් රිදුම් දෙනවද...? කෙසේ වුවත් ජීවිතය සැප දුක හමුවේ ඉදිරියට ගලා යනව, අපි කිසි කෙනෙකුට එය නතර කළ නොහැකියි. මම නිවැරදියි නේද...?

Tuesday, October 16, 2012

Sithuwili-06


ආදරය ලැබීමට අප කවුරැත් කැමතියි. ආදරය තිබෙන තැන ජීවිතය සම්පූර්ණයි. අපිට කාගෙ හරි ආදරය ලැබීමට නම් අප ඒ කෙනාට ආදරය කළ යුතුයි යන්න කියමනක් පවා තිබෙනවා.ලෝතළයේ වැඩෙන පැළයකට හැමපැත්තෙන්ම ආලෝකය වැටුණු විම එම පැළය ඉතා හොදින් වර්ධනය වේ. ඒ ආකාරයටම අපිට ආදරය අවශ්‍ය වනවා සේම, මේ ලෝකයේ ජීවත් වන තිරිසනුන් අතර පවා ආදරය පවතී...

Monday, October 15, 2012

Sithuwili-05


මේ විශ්වය ඉතා අනර්ඝ නිමාවක්. නිමාවක් කිව්වට නිමාවක්ම නෑ. අපිට කිසිදා ස්වභාවධර්මයට එරෙහි වෙන්න බෑ. එය හා අපි අතර තිබෙන සම්බන්ධතාවය අනාදිමත් කාළයක සිට පැවත එන්නක්. පරිණාමයේදි මුල් අවධිවල එය විශේෂයෙන්ම පෙනෙන්නට තිබූ බවට බොහෝ සාක්ෂි තිබෙනව.
 ස්වභාවධර්මයේ අපූර්වත්වය අපි සැවොම විදිනවා...

Sunday, October 14, 2012

Sithuwili-04


අප හැමෝටම අම්මා තාත්ත කෙනෙක් ඉන්නව. මොකද, අම්ම කෙනෙක් හා තාත්ත කෙනෙක් නැතිව ළමයෙකු බිහිවිය නොහැකි නිසාය. ඉතාම කලාතුරකින් එහෙම නොවන අවස්ථාද නැතුවම නොවෙයි.කෙසේ වුවත් අම්මා සහ තාත්තා යන වචන දෙක වචන දෙකක්ම පමණක් නොවන බව ඔබත් මාත් දන්නා කරැණක්... 

 ජීවයේ උල්පත මවුනි පියාණනි ඔබ පමණයි.....

Saturday, October 13, 2012

Sithuwili-03


අද නම් ටිකක් දුකෙන්. මම ගොඩක් වෙලාවට ආදරේ ගැන තමයි වැඩිපුර ලියන්නෙ. ඒ ඇයිද කියල කියන්න නම් තේරෙන්නෙ නෑ. මොනව උනත් ආදරයයි කදුලයි අතර තියෙන බැදීම ආදරයයි සතුටයි අතර තියෙන බැදීමට වඩා වැඩියි.

ආදරයට කදුල කෙතරම් ළගද...?

ආදරයයි කදුලයි අතරේ 
අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ...

Friday, October 12, 2012

Sithuwili -02


මේ ළගදි දිනයකදි මගේ සිතට නැගුණා,  "කවිකාර හිතගාව හුරතලේට දග පෑව" කියන සිතිවිල්ල. ඊට පස්සෙ ඉතිරි පද දෙකත් එකතු කරල මෙම සිතුවිල්ල නිර්මාණය වුණා. සමහර වෙලාවට මටම පුදුමයි පුදුමාකාර විදියට කවි සිතුවිලි හිතට නැගෙනව. විශේෂයෙන්ම මට හිතට දුකක් දැනුනොත් ඒක අමතක කරන්න මම සිංදු අහනව, ඒ එක්කම නිසදැස් හා කවි පන්ති  නිර්මාණය කරනව. දැන් නම් මං හරිම ආසවෙන් කවි පද ගලපල ලියනව. ඒ කවියට හෝ නිසදැසට අදාළ ආකාරයට Photo Edit කරනව. මම මගේ හැකියාවෙන් උපරිම ප්‍රෙයෝජනය ලබා ගන්නව. මම දැන් නම් ගොඩාක් සතුටෙන්. ඒ සතුට කියාගන්න වචන නෑ :)...

Thursday, October 11, 2012

Sithuwili-01


අද තමයි මම සිතුවිලි 1000 කියන Blog එක හැදුවෙ මට හරිම සතුටුයි.  මෙම Blog එකට මේ නම දැම්මෙත් හේතුවක් ඇතිව. මගේ හිතේ ඇදෙන සිතුවිලි එකට එකතුකරල ඉදිරිපත් කරන්න. මම හිතුව දවසකට එක සිතුවිල්ල බැගින් ඉදිරිපත් කරන්න. පුළුවන් කමක් ලැබුණොත් එය දවසට සිතුවිලි දෙකක් තුනක් දක්වා දිග හරිනව. මෙහි සිතුවිලි 1000 සම්පූර්ණ වෙන දවසට මම මේ Blog එක, සිතුවිලි 10,000 ක් දක්වා ගෙනියනව.
ආදරණීය සිත් අහසේ සුපිපුණු මල් සැමදාම සුවදවත් වේවා...!!!
Hurry up.. Come & Join...