සිත හඩයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කදුළ පමණද මේ ලෝකේ...
කදුළ පමණද මේ ලෝකේ...
ඔබගෙ සුරත ගෙන සයුරැ තෙරේ හිද
දිනෙක සීත සැන්දෑවේ
හැඩුව අයුරැ මට අදුරැ සිතුවමකි
තාම රැදුණු මා දෑසේ
සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලාවේ තනි කළේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ
ඔබට ආදරේ
ඔබට ආදරේ
ඉන්න බෑ ළග ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අදුරැ කළේ...
ඔබගෙ සුවද මට තාම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයත්ව වෙන්වූයේ ආදරේට පිටු පෑවේ
සදට අහස වාගේ මලට සුවද වාගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ
ඔබට ආදරේ
ඔබට ආදරේ
ඉන්න බෑ ළග ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අදුරැ කළේ...
සිත හඩයි...
පද රචනය :- හේමසිරි හල්පිට
සංගීතය(නව) :- තුසිත් නිරෝෂන
ගායනය :- නිරෝෂා විරාජිනී
No comments:
Post a Comment